LibrarySNSN 1.1
SN 1.1~2 min read

Crossing the Flood

Oghataraṇasutta

20
PDFGenerated
01 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 1. නළ වර්‍ගය 1.1. ඔඝ සූත්‍රය නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

Msdiv 1 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර වර්‍ණය ඇත්තේ සියලු ජේතවනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.

එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට ’’නිදුකානන් වහන්ස, කෙසේනම් ඔබ (සංසාර සාගරය) මහාජලය පිහිනා ගොඩ වූවෝදැ’’ යි කීය.

’’ඇවැත්නි මම පිහිටාද නොසිට පැදීමද නොකොට පිහිනා එතර වූයෙමි.’’

’’නිදුකානනි ඔබ කෙසේනම් පිහිටාද නොසිට පැදීම්ද නොකොට මහා ජලය තරණය කළෝද ?’’

’’ඇවැත්නි යම්විටක මම පිහිටා සිටින්නෙම්ද එකල ගිලා බසින්නෙමි. ඇවැත්නි යම් කලෙක මම පදින්නෙම්ද එකල පාවී යන්නෙමි’’ යි ඇවැත්නි මෙසේ වනාහි මම පිහිටා නොසිට නොපැද (සංසාර සාගරය) මහාජලය එතෙර කළෙමි.’’

’’පිහිටා සිටීමත් නොකොට පැදීමත් නොකොට ලෝකයෙහි තන්හාව එතර කළාවූ එහෙයින්ම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවියාවූ බ්‍රාහ්මණයෙකු (පව් නැසූ කෙනෙකු) බොහෝ කලෙකින් පසු දැක්කෙමි’’ යි

මෙසේ ඒ දෙවිතෙම කීය. ශාස්තෘන් වහන්සේ එය අනුමත කළසේක. එකල වනාහි ඒ දෙවිතෙම ශාස්තෘාන් වහන්සේ මගේ වචනය අනුමත කළසේකැයි සතුටුව භාග්‍යවතුන්වහන්සේ වැඳ පැදකුනුකොට එහිම අතුරුදහන්විය.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection