Time Flies
Accentisutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 1. නළ වර්‍ගය 1.4. අච්චෙන්ති සූත්‍රය Msdiv 4 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේකවනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවකුන්වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන්වහන්සේට ගාථාවකින් (මෙසේ) කීය.
’’කාලයෝ ඉක්ම යෙත්. රාත්‍රීහු (මරණය කරා) පමුණුවත්. වයස් රාශීහු පිළිවෙළින් හැර යෙත්. මේ මරණ භය දක්නා තැනැත්තේ සැප ගෙන දෙන පින් කරන්නේය.’’
’’කාලයෝ ඉක්මෙත්. රාත්‍රීහු (මරණය කරා) ගෙනයත්. වයස් රාශීහු පිළිවෙළින් හැරයෙත්. මේ මරණ භය දන්නා තැනැත්තේ උතුම් නිවන බලාපොරොත්තුවෙන් ලෞකික සම්පත් හැර දමන්නේය.’’ (භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළසේක.)
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source