LibrarySNSN 1.10
SN 1.10~1 min read

Wilderness

Araññasutta

20
PDFGenerated
01 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 1. නළ වර්‍ගය 1.10. අරඤඤ සූත්‍රය Msdiv 10 එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දේවතාවෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:

’’වනයෙහි වසන, එක් වේලක් පමණක් වළඳන, ශාන්තවූ බ්‍රහ්මචාරීන්ගේ (ශරීර) වර්‍ණය කවරහෙයකින් ප්‍රසන්න වේද?’’

’’වනයෙහි වසන (ඒ භික්‍ෂූහු) ගිය දේ ගැන ශෝක නොකෙරෙත්. (නොපතත්) දැන් ලත් දෙයෙකින් යැපෙත්. එහෙයින් ඔවුන්ගේ (ශරීර) වර්‍ණය ප්‍රසන්න වේ.’’

’’නොපැමිණි දේ පැතීමෙන්ද, ගිය දේ ගැන ශෝක කිරීමෙන්ද, අනුවණයෝ රත්වූ ගලක් මත්තෙහි කපා දැමූ ළා බට දණ්ඩක් සේ වියලෙත්.’’ (භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.)

පළමුවන නළවර්‍ගයයි.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection