Delight
Nandatisutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 2. නන්‍දන වර්‍ගය 1.12. නන්‍දති සූත්‍රය Msdiv 12 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය.
එකත් පසෙක සිටි ඒ දෙවි තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය :
’’දරුවන් ඇත්තේ දරුවන් කරණකොට සතුටුවේ. ගවයන් ඇත්තාද එසේම ගවයන් කරණකොට සතුටුවේ. උපධීන් (කාමසැප) කරණකොට සත්‍වයාට සතුට ඇතිවේ. යමෙක් උපධි නැත්තේද (පස්කම් සැප නැත්තෙක් වේද) ඔහු නොම සතුටු වේ.’’
’’දරුවන් ඇත්තේ දරුවන් කරණකොට ශෝක කෙරේ. ගවයන් ඇත්තාත් එසේම ගවයන් කරණකොට ශෝක කෙරේ. උපධීන් (කාම සැප) කරණකොට සත්ත්‍වයාට ශෝක ඇතිවේ. යමෙක් උපධි (කාම සැප) නැත්තේද ඔහු ශෝක නොකෙරේ.’’ය (යි කී සේක.)
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source