Aristocrats
Khattiyasutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 2. නන්‍දන වර්‍ගය 1.14. ඛත්තිය සූත්‍රය Msdiv 14 මා විසිත් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
’’දෙපා ඇතියන්ගෙන් ක්‍ෂත්‍රියයා ශ්‍රේෂඨය. අඹුවන්ගෙන් බාල වයසෙහි සිටි බිරින්දෑ ශ්‍රෙෂ්ඨය. පුකුන්ගෙන් පළමුව උපන් පුතා ශ්‍රෙෂ්ඨය.’’
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
’’සම්‍යක් සම්බුදු තෙමේ දෙපා ඇතියන්ගෙන් ශ්‍රෙෂ්ඨය. සිව්පාවුන්ගෙන් ආජානීයයා ශ්‍රෙෂ්ඨය.(කී දේ තේරුම් ගන්නා සතා) ශ්‍රෙෂ්ඨය. අඹුවන්ගෙන් කියන දේ අසන කීකරු භාර්‍ය්‍යාව ශ්‍රෙෂ්ඨය. පුතුන්ගෙන් මව්පියන්ට කීකරු පුතා ශ්‍රෙෂ්ඨය.’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source