Resounding
Saṇamānasutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 2. නන්‍දන වර්‍ගය 1.15. සකමාය (සන්නිකාය) සූත්‍රය Msdiv 15 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එතල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්ාස් වැඳ එකත්පසෙක සිටියේය.
එකත් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
’’ඉර මුදුන් වේලෙහි පක්‍ෂීන් එකතුව විවේක ගෙන හුන් කලැ මහ වනය (ගස් එතට ගැටීමෙන් ඇතිවූ නාදය) මහ මඬින් හඬන්නාක් මෙනි. එය මට බියෙක්ව වැටහේ.’’
(භාග්‍යවතුන් වහන්සේ:) ’’ඉර මුදුන් වේලෙහි පක්‍ෂීන් රැස්ව හුන් කල්හි මහ වනය හඬන්නාසේ ශබ්ද කෙරේ. එය මට සැපයෙක්ව වැටහේ.’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source