Conscience
Hirīsutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 2. නන්‍දන වර්‍ගය 1.18. හිරි සූත්‍රය Msdiv 18 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබලන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය, පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
’’ආජානීය අශ්වයා කසය තමා මත හෙනු නොදී වළක්වන්නා සේ යමෙක් තමහට නින්දා ඇතිවනු නොදී වළක්වාද, (එසේවූ) ලජ්ජා හේතුයෙන් පව් දුර ලා සිටින කිසි පුරුෂයෙක් ලොවැ ඇත්තේද?’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)
’’යම් කෙනෙක් ලජ්ජායෙන් පව් නොකොට ඉන් වැළැක හැම කල්හි සිහි ඇතිව හැසිරෙත්ද, දුක් කෙළවරට පැමිණ, විෂමවූ ලොව සමව හැසිරෙත්ද, එසේවූ පුද්ගලයෝ ස්වල්ප දෙනෙක් ඇත්තාහුය.’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source