Little Hut
Kuṭikāsutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 2. නන්‍දන වර්‍ගය 1.19. කුටිකා සූත්‍රය Msdiv 19 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
’’ඔබට කුටියක් නැද්ද? ඔබට කූඩුවක් නැද්ද? ඔබට වැළක් නැද්ද? ඔබ බැම්මෙන් මිදුනේද?’’
’’මට කුටියක් කිසිසේත් නැත කිසි ලෙසිනුත් කූඩුවක් නැත. වැළකුත් කිසිසේත් නැත. ඒකාන්තයෙන් බැම්මෙන් මිදුනෙමි.
’’මම් ඔබට කුමක් නම් කුටියෙකැයි කීයෙම්ද? කුමක් නම් ඔබට කූඩුවකැයි කීයෙම්ද? ඔබට කුමක්නම් වැළක් යයි කීයෙම්ද? කුමක්නම් ඔබට බැම්ම යයි කීයෙම්ද?’’
’’මව කුටිය යයි කීයෙහිය. භාර්‍ය්‍යාව කූඩුව යයි කීයෙහිය. තණ්හාව බැඳුම යයි මට කීයෙහිය.’’
(දෙවියා.) ’’ඔබට කුටියක් නැතියේ යහපත. තූඩුවකුත් නැතියේ යහපත. වැලුත් නැතියේ යහපත. බන්‍ධනයන්ගෙන් මිදුනුසේ යහපත.’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source