LibrarySNSN 1.21
SN 1.21~1 min read

A Sword

Sattisutta

20
PDFGenerated
01 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 3. සත්ති වර්‍ගය 1.21. සත්කි සූත්‍රය Msdiv 21 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීයේය:

’’හුලකින් අනින ලද්දකු මෙන්ද, හිස ගිනි ඇවිල ගත්තකු මෙන්ද, මහණ තෙමේ කාමරාගය නසනු පිණිස සිහි ඇතිව වසන්නේය.’’

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) ’’හුලකින් අනින ලද්දකු සේත්, හිස ගිනි ඇවිලගත්තකු සේත් මහණ තෙමේ සක්කායදෘෂ්ටිය නසනු පිණිස සිහි ඇතිව (අප්‍රමාදව) වසන්නේය.’’

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection