Impact
Phusatisutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 3. සත්ති වර්‍ගය 1.22. ඵුසති සූත්‍රය Msdiv 22 මා විසින් මෙසේ අසන ලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි රක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ. භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීයේය:
’’කර්‍මය ස්පර්‍ශ නොකරන්නා ස්පර්‍ශ නොකෙරේ. (කර්‍ම ත්‍නාකරන්නාහට විපාක නොලැබේ.) කර්‍මය ස්පර්‍ශ කරන්නහුම විපාකතෙමේ ස්පර්‍ශ කෙරේ (කර්‍ම ඛරන්නාහටම විපාකය වේ.) එහෙයින් නොකිපුණාවූ පුද්ගලයන්ට ද්වේශ කරන, පාප කර්‍ම ෂ්පර්‍ශ කරන්නහු (පව් කම් කරන්නා) වහි නපුරු විපාකය තෙමේ ස්පර්‍ශ කරයි. (ඔහුට ඒ පව්කම්හි විපාක ලැබේ.)’’
(භාග්‍යන්‍තුන් වහන්සේ මෙසේ වදාළසේක:) ’’කිසිවෙකුට වරද (ද්වේෂ) නොකළ, නිරපරාධ (පිරිසිදු)වූ, කෙළෙස් නැති සත්ත්‍වයකුට (යමෙක්) වරද කෙරේද, ඒ පාපයම උඩුසුළඟට දැමූ සියුම් දූවිල්ල සේ දුක් විපාක වශයෙන් ඒ අඥානයා කරාම පෙරළා එයි.’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source