Streams
Sarasutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 3. සත්ති වර්‍ගය 1.27. සර සූත්‍රය Msdiv 27 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
’’(සංසාර) කඳුරැළි කොතන්හි නවතීද? (සංසාර) දියසුලිය කොතැනදී නවත්නේද? නාමයත් රූපයත් කොතැනදී නොයිතිරිව නැතිවේද?’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’යම් තැනෙක ආපෝ ධාතුවත්, පඨවි ධාතුවත්, තේාජා් ධාතුවත්, වායෝ ධාතුවත් නොපිහිටාද, (ඒ මේ නිවනෙහි) සසර කඳුරැළි නවතී. (ඒ මේ නිවනෙහි) සසර දිය සුලිය නොපෙරළෙයි. (ඒ මේ නිවනෙහි) නාමයත් රූපයත් මුඵමනින් නැතිවේ.’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source