Four Wheels
Catucakkasutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 3. සත්ති වර්‍ගය 1.29. චතුචක්ක සූත්‍රය Msdiv 29 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැක් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහත්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
’’මහා වීරයන් වහන්ස, රෝද ෂතරක් ඇති, දොර නවයක් ඇකිථ අසූචියෙන් පිරුණු, ලෝභයෙන් යුක්තවූ, මඩෙන් උපන් ශරීරයාගේ එතරවීම කෙසේ වන්නේද?’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’බද්‍ධ වෛර නමැති ලනුවද, (කෙලෙස් නමැති) වරපටද, (නොලත් දේ පැතුම නම්) ලාමකවූ ඉච්ඡාවද, ලත් දැයෙහි ඇල්මද, සිඳ දමා, (අවිද්‍යා නමැති) මුල සහිත තණ්හාව උදුරා දැමීමෙන් මෙසේ ශරීරයාගේ එතරවීම වන්නේය.’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source