Virtuous
Sabbhisutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 4. සතුල්ලපකායික වර්‍ගය 1.31. සබ්භි සූත්‍රය Msdiv 31 මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පිහිටි අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල සතුල්ලපකායික නම්න් දන්නාලද බොහෝ දෙවි කෙනෙක් රෑ පළමු දසපැය ඉක්මුණු කල මනා පැහැ ඇත්තාහු සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, පසෙක සිටියහ.
පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
’’සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනගැන්මෙන් වැඩි දියුණුව වෙයි. පිරිහීමෙක් නොවෙයි.’’
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
’’සත් පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත් පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සදහම් දැනගැන්මෙන් ප්‍රඥාව ලැබෙයි. අන් පරිද්ිදකින් නොලැබෙයි.’’
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
’’සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත්දහම් දැන්මෙන් ශෝක කරන්නක් මැද ශෝක නොකෙරෙයි.’’
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
’’සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත්දහම් දැනගැන්මෙන් නෑයන් මැද වෙසෙසින් බබළයි.’’
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
’’සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන්ගේ සාම මිත්‍ර සමාගමය කළ යුතුය
සත්පුරුෂයන්ගේ සත් දහම් දැනගැන්මෙන් සත්‍වයෝ සුගතියට යෙත්.’’
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
’’සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත් දහම් දැනගැන්මෙන් නිරතුරුව සැපසේ සිටිත්.’’
එවිට අන් දෙවියෙක් මෙසේ කීවේය. ’’භාග්‍යවතුන් වහන්ස, කාගේ කීම මනාකොට කීමද?’’
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) ’’තොප සියල්ලන්ම කී දේ එකි එකී කාරණා වශයෙන් යහපත් කීම්ය. එතෙකුදු වුවත් මගේ වචන අසවු: ’’සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත් දහම් අවබෝධ කරගැන්මෙන් සියඵම දුකින් මිදේ.’’
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු සිත් ඇති ඒ දෙවියෝ භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට, එහිම අතුරුදහන් වූහ.’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source