LibrarySNSN 1.36
SN 1.36~2 min read

Faith

Saddhāsutta

20
PDFGenerated
01 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 4. සතුල්ලපකායික වර්‍ගය 1.36. ශ්‍රද්‍ධා සූත්‍රය Msdiv 36 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි වනාහි බොහෝ සතුල්ලපකායික දෙවියෝ රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ප.්‍රභායෙන් සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියහ.

එක් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වශන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

’’ලෞකික ලෝකෝත්තර සැප කරා යන පුරුෂයාට ශ්‍රද්‍ධාව ඔහු සමග යන දෙවැන්නා වෙයි ඔහු අශ්‍රද්‍ධායෙහි බැස නොසිටී නම් ඒ හේතුයෙන් ඔහුට පිරිවරද, කීර්තියද වෙයි. මේ ශරීරය හැර ඔහු ස්වර්‍ගයටද යෙයි.’’

එකල අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කීය.

’’ක්‍රෝධය නසන්නේ නම්, මානය දුරු කරන්නේ නම්, සියලු සංයෝජන ඉක්මවා ලන්නේ නම්, නාම රූප දෙක්හි නොඇලෙන, හිරිහැර නැති, ඒ පුද්ගලයා කරා සංයෝගයෝ (බැමි) නොපැමිණෙත්.’’

(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.) ’’අනුවණ මෝඩ ජනයෝ ප්‍රමාදයෙහි යෙදෙත්. නුවණැත්තේ අප්‍රමාදය ශ්‍රෙෂ්ඨ ධනයක් මෙන් රකී.

’’ප්‍රමාදයෙහි නොයෙදෙවු: කාමරතිය හා එක්වීමෙහි නොයෙදෙවු. ධ්‍යාන වඩන, නොපමා තැනැත්තාම පරම සැපයට පැමිණේ.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection