With Pajjunna’s Daughter (1st)
Paṭhamapajjunnadhītusutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 4. සතුල්ලපකායික වර්‍ගය 1.39. පළමුවන පජ්ජුන්නධීතු සූත්‍රය Msdiv 39 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර සමීපයෙහිවූ මහවනයෙහි කූටාගාරශාලා විහාරයෙහි වසන සේක. එකල්හි වනාහි පජ්ජුන්ත දෙවිහුගෙ දූ වූ කෝකනදා දෙවඟන රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ප්‍රභා ඇත්තී සියලු මහාවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එක් පසෙක සිටි පජ්ජුන්න දෙවියාගේ දූ වූ කෝකනදා දෙව්දූ තොම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීවාය.
(’’වහන්ස,) විසාලාමහනුවර සමීපයෙහි මහවනයෙහි වසන සත්ත්‍ව සමූහයාට අග්‍රවූ සම්බුද්ධයන් වහන්සේ කෝකනදා නම්වූ මම හොඳින් වඳිමි. පජ්ජුන්නගේ දූවූ කෝකනදා මම වෙමි.
’’පසැස් ඇති තථාගතයන් වහන්සේ විසින් ධර්‍මය අවබෝධ කරන ලදැයි පෙර මවිසින් අසනලද පමණක්ම විය. ඒ මම දැන් දහම් දෙසන සුගත් මුනිහුගේ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂයෙන් දනිමි. යම් අනුවණ කෙනෙක් ආර්‍ය්‍ය ධර්‍මයට නින්‍දා කෙරෙමින් හැසිරෙක්ද, ඔවුහු දරුණුවූ නපුරු නරකයට පැමිණෙත්. (එහි) බොහෝ කාලයක් දුක් විඳිත්.
’’යම් කෙනෙක් වනාහි ආර්‍ය්‍ය ධර්‍මයෙහි ක්‍ෂාන්තියෙන්ද, කෙලෙස් සන්සිඳීමෙන්ද යුක්ත නම්, ඔවුහු මනුෂ්‍යාත්මය හැර දෙව් පිරිස පුරා ලන්නාහ. (දෙව් ලොව උපදනාහ.)’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source