LibrarySNSN 1.40
SN 1.40~2 min read

With Pajjunna’s Daughter (2nd)

Dutiyapajjunnadhītusuttaṁ

20
PDFGenerated
01 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 4. සතුල්ලපකායික වර්‍ගය 1.40. දෙවෙනි පජ්ජුන්නධීතු සූත්‍රය Msdiv 40 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර සමීපයෙහි මහවනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි වසන සේක. එකල පජ්ජුන්න දෙවිහුගේ (බාල) දූ වූ චුල්ල කොකනදා තොම රෑ පෙරයම ඉක්මගිය පසු මනා වර්‍ණ ඇත්තී මුඵ මහවනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එක් පසෙක සිටි පජ්ජුන්නගේ දූ වූ චුල්ල කෝකනදා තොම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීවාය.

’’පජ්ජුන්නගේ දූ වූ විදුලිය පැහැ බඳු වර්‍ණ ඇති කොකනදා බුදුන්ද, දහම්ද, වඳින්නී (දැන්) මෙහි ආවාය. (ඕ තොමෝ අර්‍ථවත්වූ මේ ගාථා කීය.)

’’ධර්‍මය විස්තර කරන්නෙම් නම් බොහෝ ආකාරයෙන් විස්තර කළ යුත්තකි. (එහෙත්) යම්තාක් මවිසින් සිතින් පුහුණු කරන ලද නම් කොටින් එපමණක් කියන්නෙමි.

’’වචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ මුඵ ලොව කිසිදු පවක් නොකට යුතුයි. සිහි නුවණැත්තේ පඤචකාම සම්පත් (විඳීම)ද හැර, අනර්‍ථය පිණිස පවත්නා කයට දුක් දීමද සේවනය නොකරන්නේය.

සිවු වන සතුල්ලපකායික වර්‍ගයයි.’’

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection