LibrarySNSN 1.41
SN 1.41~2 min read

On Fire

Ādittasutta

20
PDFGenerated
01 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 5. ආදිත්ත වර්‍ගය 1.41. ආදිත්ත සූත්‍රය Msdiv 41 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුඵ ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.

’’ගෙයක් ගිනිගත් කල යම් භාජනයක් එයින් පිටතට ගනියිද, එය ඔහුට වැඩ පිණිස වේ. යමක් එහි දැවේ නම් එය වැඩ පිණිස නොවේ.

’’එසේම ලොව ජරායෙනුත් මරණයෙනුත් ඇවිලගත්තේ වේ. දීමෙන්ම පිටතට ගතයුතු. දෙනලද දේ මැනවින් පිටත්කරන ලද්දේ නම්වේ.

’’දුන් දේ සැප විපාක ඇතිකරන්නේ වේ. ත්‍නාදුන් දේ එසේ සැප විපාක නොදේ. එය සොරු හැරගෙන යත්. රජහු හෝ හැර ගනිත්. ගින්න හෝ දවයි. නැසී හෝ යන්නේය.

’’තවද, වස්තු සහිත ශරීරය මරණයෙන් හැර දමයි. නුවණැත්තේ මෙය දැන තම වස්තුව ප්‍රයෝජනයට ගැනීමද කරන්නේය. දීමද කරන්නේය. එසේ ශක්ති පරිදි සම්පත් අනුභවයද කොට, දීමද කොට, නින්‍දා නොලබන්නෙක්ව දිව්‍ය ලෝකයට (සැප ඇති තැනට) පැමිණෙයි.’’

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection