Giving What?
Kiṁdadasutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 5. ආදිත්ත වර්‍ගය 1.42. කිංදද සූත්‍රය Msdiv 42 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය කල්හි එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුඵ ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
’’කුමක් දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ පැහැය දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ සැප දෙන්නේ වේද? කුමක්
දෙන තැනැත්තේ ඇස් දෙන්නේ වේද? සියල්ල දෙන තැනැත්තෙක් වේ නම් කවරෙක්ද? මවිසින් විචාරණ ලද ඔබ මට (මේ) කියාදෙනු මැනවි.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’ආහාර දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේ. වස්ත්‍ර දෙන්නා වර්‍ණය දෙන තැනැත්තේ වේ. යාන වාහන දෙන තැනැත්තේ සැප පහසු දෙන තැනැත්තේ වේ. එලිය දෙන තැනැත්තේ ඇස් දෙන තැනැත්තේ වේ. යමෙක් වාසස්ථාන දේ නම් ඔහුම සියල්ල දෙන තැනැත්තා නම් වේ. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ.’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source