Planters
Vanaropasutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 5. ආදිත්ත වර්‍ගය 1.47. වනරොප සූත්‍රය Msdiv 47 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය, එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
’’දහවලුත් රෑත් හැමවිටම කවුරුන්ගේ පින් වැඩේද? සුගතියට යන ධර්‍මස්ථයෝ (ධර්‍මයෙහි පිහිටියෝ) නම් කවුරුද? සිල්වත්තු නම් කවුරුද?
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’යම් ජනයෝ මල් වතු පලතුරු වතු (ආරාමයන්) වවන්නෝද, වන ලැහැබ් වවන්නෝද, හේදඬු පාලම් ආදිය කරවන්නෝද, යම් කෙනෙක් පැන්හලුත් වැව් පොකුණුත් කරවන්නෝද, වාසස්ථාන දෙන්නෝද, දිවා රෑ හැම විටම ඔවුන්ගේ පින් වැඩේ. මරණින් පසු ස්වර්‍ගයට යන, දහම්හි පිහිටි සිල්වත්තුත් ඒ ජනයෝයි.’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source