Jeta’s Grove
Jetavanasutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 5. ආදිත්ත වර්‍ගය 1.48. ජේතවන (නොහොත් ඉදඤ්හි) සූත්‍රය Msdiv 48 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු ’අනාථපිණ්ඩික දෙව්පුත්’ බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි අනාථපිණ්ඩික දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
’’භික්‍ෂු සමූහයා විසින් නිතර සෙවුනා ලද, ධර්මරාජයානන් වහන්සේ විසින් වාසය කරන ලද මේ ජේතවනය වනාහි මට ප්‍රීතිය උපදවන්නේය.’’
’’කර්‍මයද (මාර්‍ග චේතනාවද), විද්‍යාවද (මාර්‍ග ප්‍රඥාවද), (සමාධිපාක්‍ෂික) ධර්‍මයද, ශීල සම්පන්න උතුම් ජීවිතයද, යන මෙයින් සත්ත්‍වයෝ ශුද්‍ධවෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් ශුද්‍ධනොවෙත්.’’
’’එබැවින්ම තමාගේ දියුණුව දක්නා නුවණ ඇති පුරුෂ තෙම නිසි මගින් ධර්‍ම සෙවිය යුතු. මෙසේ ඒ ආර්‍ය්‍ය මාර්‍ගයෙහි හෙතෙම පිරිසිදු වෙයි.’’
’’ප්‍රඥායෙන්ද, ශීලයෙන්ද, කෙලෙස් සංසිඳුවීමෙන්ද, ශාරීපුත්‍රයන් වහන්සේම උතුම්හ. පරතෙර පැමිණි යම් භික්‍ෂුවෙක් වේ නම් හේ මේ සැරියුත් තෙරුන් පරම කොට ඇත්තේම වන්නේය.’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source