Cut How Many?
Katichindasutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 1. නළ වර්‍ගය 1.5. කතිඡින්‍ද සූත්‍රය Msdiv 5 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමැණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන්වහන්සේට ගාථාවකින් (මෙසේ) කීය.
’’කීයක් සිඳ ලන්නේද? කීයක් දුර ලන්නේද? මත්තෙහි කීයක් වඩන්නේද? බන්‍ධන කීයක් ඉක්මවූ භික්‍ෂුතෙම ඔඝයයන් එතර කළ තැනැත්තේයයි කියනු ලැබේද?’’
(භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළසේක.)
(’’කෙලෙස්) බැඳුම් පසක් සිඳලන්නේය. (කෙලෙස්) බැඳුම් පසක් දුරලන්නේය. මත්තෙහි (ශ්‍රද්‍ධාදී ඉන්‍ද්‍රිය) පසක් වඩන්නේය. (බන්‍ධන) පසක් ඉක්මවූ භික්‍ෂූතෙම ඔඝයයන් එතරකළ තැනැත්තේයයි කියනුලැබේ.
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source