Gives Birth (2nd)
Dutiyajanasutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 6. ජරා වර්‍ගය 1.56. දෙවෙනි ජන (හෙවත් ජනෙති) සූත්‍රය Msdiv 56 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
’’ කිමෙක් නම් සත්ත්‍වයා උපදවාද? ඔහු පිළිබඳ කිමෙක් නම් ඈත මෑත දුවයිද? කිමෙක් නම් සසර වැදුනේද? ඔහු නොමිදෙනුයේ කුමකින්ද?’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළඍේක) ’’ තණ්හාව සත්ත්‍වයා උපදවයි. ඔහුගේ සිත ඒ මේ අත දිවෙයි. සත්ත්‍වයා සසර වැදුණේය. ඔහු (නසි මග යන තෙක්ම ) නොමිදෙනුයේ දුකිනි.’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source