Deviation
Uppathasutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 6. ජරා වර්‍ගය 1.58. උපපථ සූත්‍රය Msdiv 58 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
’’ කිමෙක් නම් නොමඟයයි කියන ලදද? කිමෙක් නම් රෑ දාවල්හි ගෙවේද? බ්‍රහ්මචර්‍ය්‍යාවට කිලුට කිමෙක්ද? දිය නොමැති නෑම කිමෙක්ද?’’
( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’රාගය නොමග යයි කියන ලදී. දිවා රෑ දෙක්හිම ගෙවෙන්නේ වයසය. බ්‍රහ්මචර්‍ය්‍යාවට කිලුට ස්ත්‍රියයි. ( මේ සත්ත්‍ව සමූහයා මෙහි ඇලේ ) තපසත් බඹසරත් යන යමෙක් ඇද්ද, එය දිය නැති නෑමයි. ’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source