A Poet
Kavisutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 6. ජරා වර්‍ගය 1.60. කවි ( හෙවත් ගාථා නිදාන ) සූත්‍රය Msdiv 60 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
’’ගාථාවන්ගේ මුල කිමෙක්ද? ඔවුන්ගේ අර්‍ථ උපදවන්නේ කවරෙක්ද? ගාථාවෝ කුමක් ඇසුරුකොට පවත්නෝද? කිමෙක් ගාථාවන්ට ආධාර ස්ථානද?’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’ඡන්‍දය ගාථාවන්ගේ මුලය. අකුරු ඔවුන් උපදවන්නේය. ගාථාවෝ නාමයන් ඇසුරුකොට ඇත්තෝය. කවි තෙම (පණ්ඩිතයා) ගාථාවන්ට ස්ථානයයි.’’
සවන ජරා වර්‍ගයයි.
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source