Very Confused
Susammuṭṭhasutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 1. නළ වර්‍ගය 1.8. සුසම්මුටඨ සූත්‍රය Msdiv 8 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශොභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
’’යම් කෙනෙකුන් විසින් (සත්‍යයෝ) ධර්‍මයෝ හාත්පසින් අවබෝධ නොකරන ලද්දෝද, ඔවුහු මිථ්‍යාදෘෂ්ටීන් කරා ගෙනයනු ලැබෙත්. නිදාගත් ඔවුහු නොපුබුදිත්. ඔවුන්ට (දැන්) පිබිදෙන්නට කාලයයි.’’
(බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක:)
’’යම් කෙනෙකුන් විසින් (සත්‍යයෝ) ධර්‍මයෝ හාත්පසින් අවබෝධ කරන ලද්දෝද, ඔවුහු මිත්‍ථ්‍යාදෘෂටීන් කරා ගෙනගයනු නොලැබෙත්. මනාව දැන අවබෝධ කළාවූ (බුදුවරයෝ) විෂමයෙහි සමව හැසිරෙත්.’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source