Fond of Conceit
Mānakāmasutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 1. නළ වර්‍ගය 1.9. මානකාම සූත්‍රය Msdiv 9 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාව කීය:
’’මේ ලෝකයෙහි මානය කැමැත්තහුට සිතෙහි දමනයක් නැත. (එහෙයින්ම) සමාධියට නොපැමිණි (එකඟ නොවූ) සිතැත්තහුට මුනි බවෙක් නැත. (එසේවූ) ප්‍රමාදව හුදෙකලාව වෙනෙහි වසන්නේ නමුදු, මරහු සිටින තැනින් (සසරින්) එගොඩ යාගත නොහෙන්නේය.’’
’’මානය දුරලා මොනොවට එකඟවූ සිතැත්තේ ප්‍රඥායෙන් යුක්තවූයේ , විශෙෂයෙන් මිදුණේ, හුදෙකලාව වෙනෙහි පමා නොවී වසනුයේ ඔහු සසර ඉක්මවා එගොඩ (නිවනට) පැමිණෙන්නේය’’ යි (භාග්‍යවතුන් වහන්සේ කී සේක.)
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source